ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ 10ක් මරුට

දෙසැ 23, 2024
    දකුණු බ්‍රසීලයේ ග්‍රාමාඩෝ නගරය‍ට පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අනතුරෙන් එම ප්‍රදේශයේ 17 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    යානයේ නියමුවා, ඔහුගේ බිරිඳ හා දියණියන් තිදෙනා මෙන්ම, පවුලේ සාමාජිකයින් පිරිසක් මිය ගොස් තිබෙනවා.
    මිය ගිය ගුවන් නියමුවා වන ‘ලුයිස් කාඩියෝ ගාලියාසි’ එරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ද වනවා.
    සාවෝ පොලෝ ප්‍රාන්තයේ ‘ජුන්ඩියායි’ වෙත ඔවුන් සංචාරයක් සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
    ගුවන් යානය කඩා වැටීමෙන් ගොඩනැගිල්ලක් හා නිවසක් ද වෙළෙඳසැලක් ද ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
    තුවාල ලැබූවන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
    අයහපත් කාලගුණික තත්වය අනතුරට හේතු වී ඇති බව, ‘රියෝ ග්‍රෑන්ඩ් ඩිසෝල්’ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරනවා.

    Latest News