උතුරු කොරියායේ යළි මිසයිල අත්හදා බැලීමක්

මාර් 16, 2022

    උතුරු කොරියාව යළි මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබේ. එය අසාර්ථක වි ඇති බවයි දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ.

    මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත්තේ, උතුරු කොරියාවේ ප්යොංයැන්ග් අගනුවරට ආසන්න ගුවන්තොටුපොළකදී. මීට පෙර ද අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමට උතුරු කොරියාව ක්‍රියා කළේය.

    ගෝලීය රටවල විරෝධතා නොසලකා එරට අඛණ්ඩව අවි අත්හදා බැලීමේ නිරත වෙයි. දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ, මෙය කලාපීය වශයෙන් ද දැඩි අවදානම් තත්වයක් බවයි.

    Last modified on බදාදා, 16 මාර්තු 2022 11:22

    Latest News