උතුරුදිග සිරියාවට අධික හිම පතනයක්...

මාර් 15, 2022

    උතුරුදිග සිරියාවට මේ දිනවල බලපා ඇති අධික හිම පතනය නිසා එරට අවතැන්ව සිටින සරණාගත පිරිස් දැඩි පීඩාවකට ලක්ව සිටිනවා.

    "ඉඩ්ලිබ්" සහ "ඇලෙප්පෝ" ඇතුළු ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉතා ශීඝ්‍රයෙන් පහළ බැස තිබෙනවා. තවත් ප්‍රදේශ කිිහිපයකට බලපෑ හිම කුණාටුවකින් සරණාගත කඳවුරු 22 කට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වනවා. වසර ආරම්භයේ සිට මේ දක්වා එරටට බලපෑ දෙවැනි හිම කුණාටුව මෙයයි. එරට මාර්ග රැසක්ද මේ වන විට වසා දමා තිබෙනවා. හිම පතනයත් සමග අධික සුළං තත්වයක් ද ඉකුත් දිනවලදී වාර්තා වූ බව එරට කාලගුණ විද්‍යා අංශ පවසනවා.

    Latest News