ශ්‍රී ලංකාවේ සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

අප්‍රේ 28, 2022

    ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය අද (28) දිනයේ සිට තවත් මාසයක කාලයක් දක්වා ගාස්තු ගෙවීමකින් තොරව දීර්ඝ කර තිබේ.

    රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති භූ දේශපාලනික අර්බුදය එම රටවලින් මෙරටට පැමිණ සිටින සංචාරකයන්ට නැවත තම මව් රටවල් කරා යාමට නොහැකි වන අයුරින් වර්ධනය වී ඇත.

    ඒ ගුවන් තහනම මෙන්ම එම කලාපයේ ගුවන්යානා මෙහෙයුම් නොකිරීමයි.

    ඒ අනුවයි ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට මෙම පියවර ගෙන ඇත්තේ.

    මෙම සංචාරකයන්ට තම මව් රටවල් වෙත නැවත යාමේදී කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකා ගුවන්තොටුපලින් පිටත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ද සලසා තිබේ.

    Rus-Ukr.jpg

     

     

     

    Latest News