යුක්‍රේන ජනපති සටන් විරාමයක් ඉල්ලයි

පෙබ 26, 2022

    සටන් විරාමයකට යොමු වී වහාම සාකච්ඡා මාර්ගයකට පිවිසෙමු යැයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එරට රූපවාහනි මාධ්‍ය ඔස්සේ රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය.

    යුක්‍රේනය ආරක්ෂා කර ගැනීමට හුදෙකලා සටනක නිරත වීමට සිදුව ඇති බව ද යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මෙහිදී ජාතිය අමතමින් පැවසීය.

    මේ අතර යුක්රේන අගනුවරට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර කලාපය දරුණු ගැටුම්වලින් පසු රුසියානු හමුදාව විසින් යටත් කර ගනු ලැබූ අතර, යුක්රේනයේ හඳුනා ගත් ස්ථාන 83කට සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිළ වශයෙන් ප්‍රකාශ කර තිබේ.

    හමුදා භටයින් සහ සිවිල් වැසියන් 137 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 300කට වැඩි සංඛ්‍යාවක් තුවාළ ලබා ඇති බවත් තවමත් රුසියානු ආක්‍රමණය සිදු වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

    Latest News