ගෝලීය ලෙස ආසාදිතයින් වාර්තාවීම අඩු මට්ටමක

පෙබ 17, 2022

    ගෝලීය වශයෙන් කොරෝනා නව ආසදිතයින් වාර්තා වීම ඉකුත් සතියේ 19%කින් පමණ අඩු වී ඇතැයි,ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, මරණ සංඛ්‍යාවේ වෙනසක් සිදුවී නොමැත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඉකුත් සතියේ දී කොරෝනා ආසාදිතයින් මිලියන 16කට අධික සංඛ්‍යාවක් හමුවී ඇති බවයි. එම කාල සීමාව තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 75,000ක් පමණ.

    පෙබරවාරි 7 වැනිදා සිට 13 වැනිදා දක්වා කාල සීමාවේ, බටහිර පැසිෆික් කලාපයේ පමණක් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, එම කාලය තුළ අග්නිදිග ආසියානු කලාපයෙන් කොරෝනා ආසාදිතයින් හමුවීම 38%කින් පහළ ගොස් ඇති බවයි.  මේ අතර, නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉකුත් සතියේ දී 38%කින් ඉහළ ගොස් ඇත. 

    කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ගෝලීය වශයෙන් ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති අතර එම නිසා ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා වැනි අනෙකුත් ප්‍රභේද පැතිරියාම විශාල වශයෙන් අඩු වී තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඉකුත් සතියේ වාර්තා වූ රෝගීන්ගෙන් 98%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින් බවයි.  එන්නත්කරණ ක්‍රියාවලිය ඉහළ මට්ටමක පවතින රටවලින් කොරෝනා මරණ වාර්තා වීම අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 17 පෙබරවාරි 2022 10:18

    Latest News