එන්නත් ගතහොත් දිගුකාලීන රෝග ලක්ෂණ නැහැ

පෙබ 16, 2022

    කොරෝනා වෛරස ආසාදිතයෙකු තුළ දිගු කාලීන රෝග ලක්ෂණ පැවතීම, එන්නත්කරණයෙන් අවම කර ගත හැකි බව බ්‍රිතාන්‍ය අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    වෛරසයට එක් වරක් හෝ නිරාවරණය නොවූ පුද්ගලයන්ට දැනට පවත්නා සියලු එන්නත් ඉහළ එලදායිතාවක් පෙන්නුම් කරන බව ද විශේෂඥයන් පෙන්වා දෙයි.
    ‍ලොව බොහෝ දෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට ද යොමු වෙමින් සිටින බව විදෙස් වාර්තාවල සඳහන්.

    මේ පිළිබඳ අධ්‍යයන කිහිපයක් බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් විසින් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

    එම අධ්‍යයන රැසකින් හෙළි වී ඇත්තේ, එන්නත් නොකළ පුද්ගලයන්ට වෛරසය ආසාදනය වුවහොත් අධික තෙහෙට්ටුව, හිසරදය, අත් පා දුර්වලතා, මාංශපේෂි වේදනාව සහ හිසකෙස් නැතිවීම වැනි කෙටි කාලීන හෝ දිගු කාලීන රෝග ලක්ෂණ වැඩි වශයෙන් බලපාන බවයි.

    Latest News