එක්ස් - රේ හෝ සී.ටී. ස්කෑන් මගින්, කොරෝනා සොයන නව යෙදවුමක්

සැප් 29, 2022

    එක්ස් - රේ හෝ සී.ටී. ස්කෑන් වාර්තා මගින්, කොරෝනා වෛරසය ආසාදිතව ඇත්දැයි හඳුනාගත හැකි නව පරිගණක යෙදවුමක් හඳුන්වාදීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබෙනවා.

    ඔහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන සහන් ප්‍රදීප.

    නව යෙදවුම සායනික පරීක්ෂණ සඳහා හඳුන්වාදීම, ඊයේ කොළඹදී සිදුකෙරුණා. වෛදය ක්ෂේත්‍රයේ සහ පරිගණක ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සහන් ප්‍රදීප මෙම යෙදවුම හඳුන්වාදීම සඳහා අන්තර්ජාතික පර්යේෂණ වාර්තා 100 කට අධික සංඛ්‍යාවක් භාවිත කර තිබෙනවා. මේ වනවිට කොවිඩ් පරීක්‍ෂණ සඳහා බහුලව භාවිත කෙරෙන්නේ, පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයි. ඒ සඳහා වන පරීක්‍ෂණ කට්ටල ආනයනය කළ යුතු අතර, එහි මිල ගණන් සාපේක්‍ෂව ඉහළ අගයක පවතිනවා. සහන් ප්‍රදීප පවසන්නේ නව පරිගණක යෙදවුම මගින්, ඉතා නිවැරදි සහ කඩිනම් පරීක්‍ෂණ වාර්තාවක් අඩු වියදමකින් ලබාගත හැකි බවයි. සායනික පරීක්‍ෂණවලින් අනතුරුව‍ මෙම යෙදවුම භාවිතයට ගතහැකි බව ද ඔහු ප්‍රකාශ කළා.

    Latest News