නේටෝ සංවිධානය ද ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව අදාළ දේශසීමාවෙන් භටයින් ඉවත්කර ගන්නා බව පැවසුවත් එවැන්නක් දක්නට නොලැබෙන බවයි.
රුසියාව තවත් හමුදා භටයින් 7,000ක් පමණ ඊයේ දිනයේ දේශසීමාව ආසන්නයට රැගෙන ගොස් ඇති බව බටහිර රටවල් පවසයි. ඊට අමතරව බර අවි, යුධ ගුවන් යානා ඇතුළු යුධ උපකරණ රැසක්ම දේශසීමා ආසන්නයට රැගෙනවිත් ඇති බවට ඔවුන් චෝදනා කරයි.
බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කරන්නේ, දේශසීමා ආසන්නයේ ජංගම රෝහලක් ද ඉදිකර ඇති බවයි. කෙසේ වුවද, රුසියාවට එරෙහිව එල්ල කරන මෙම චෝදනාවලට කිසිඳු පාර්ශවයක් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කර නොමැත.