ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රෙිලියාවෙන් නව ආසාදිතයන් 73,000 ක්

ජන 18, 2022

    "ඔමික්‍රෝන්" ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රෙිලියාවේ රෝහල්ගත කිරීම් ඉහළ ගොස් තිබෙනවා.

    එරටින් කොරෝනා නව ආසාදිතයන් 73,000 කට අධික පිරිසක් අද හඳුනාගැනුණා. ඔස්ට්‍රෙිලියාවේ බොහෝ රෝහල්වල දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරීගොස් තිබෙනවා. කොරෝනා මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා.

    නිව්සව්තුවේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් යන ජනාකීර්ණ ප්‍රාන්තවලින් දෛනික කොරෝනා මරණ ඉහළ අගයක් ගෙන තිබෙනවා. කොරෝනා මරණ 77 ක් එරටින් අද වාර්තා වී ඇති අතර, ඉන් මරණ 36 ක්ම වාර්තාවී ඇත්තේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයෙන්. ඔස්ට්‍රෙිලියානු බලධාරින් පවසන්නේ,  වසංගතයේ පෙර නොවූ අවස්ථාවකට තම රට මුහුණපාමින් සිටින බවයි.

    Latest News