කොරෝනා වසංගතයේ අවසානය අපහැදිලියි

ජන 19, 2022

    කොරෝනා වසංගතයේ අවසානය පිළිබඳ නිශ්චිතව කිව නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය අතිශය මාරාන්තික නොවුනද ඉන් දැඩි බලපෑමක් සිදු නොවන බවට මත පළ වීම ජනතාව නොමග යවන්නක් බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ටෙඩ්‍රස් ඇඩනම් කියා සිටියේ ගෝලීය ප්‍රජාව තවදුරටත් වෛරසය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු බවයි. රෝහල් ගත කිරීම් සහ මරණ සිදුවීම පාලනය කර ගැනීම ජනතාව සතු වගකීමක් බව හෙතෙම අවධාරණය කළේය.

    මෙම තත්වය නොසලකා හැරීම තුළින් බරපතල රෝගයන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් ධාරිතාව ප්‍රමාණවත් නොවන තත්වයක් ඇතිවීම උග්‍ර ගැටලුවක්.
    ඉකුත් සතියේ ලොව පුරා නව ආසාදන මිලියන 18කට අධික ප්‍රමාණයක් හඳුනා ගෙන තිබේ.

    යුරෝපා රටවල යළි ඉහළ කොරෝනා ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    Latest News