ඔස්ට්‍රෙිලියාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අද

ජන 13, 2022

    කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ඔස්ට්‍රෙිලියාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වුණා.

    ඒ අනුව, හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව 105,000 කට අධිකයි. මින් පෙර වසංගතය මැනවින් කළමනාකරණය කළ ඔස්ට්‍රෙිලියාව "ඔමික්‍රෝන්" ව්‍යාප්තිය හමුවේ දැඩි බලපෑමට ලක්ව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,398,000 කට අධිකයි. මෙතෙක් එරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2522 ක්.

    "ඔමික්‍රෝන්" ව්‍යාප්තිය හේතුවෙන් එරට රෝහල් ධාරිතාව ඉක්මවා යමින් පවතිනවා. සැපයුම් දාමයන්ට එල්ල වී ඇති පීඩනය නිසා බලධාරින්ට සිදුව ඇත්තේ බොහෝ සේවකයන්ගේ නිරෛා්ධායන නීති ලිහිල් කිරීමටයි. එයද,  ආසාදන ඉහළ යාමට එක් හේතුවක්. මේ වන විට වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයටයි.

    Latest News