සරණාගතයින් රැගත් යාත්‍රාවක් පෙරළී, 43ක් මරුට....

ජන 18, 2022

    සරණාගතයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් 43ක් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

    අනතුර සිදුව ඇත්තේ, මොරොක්කෝවේ ටර්ෆිනා වෙරළබඩ ප්‍රදේශයේදී. යාත්‍රාව, ස්පාඤ්ඤයේ කනේරි දූපත් වෙත යාත්‍රා කරමින් තිබූ බවයි, වාර්තා වන්නේ. සරණාගතයින් දස දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට හැකිව තිබෙනවා. යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ, ඉකුත් ඉරිදා. පැය දෙකක කාලයක් යාත්‍රාව සමඟ සබඳතා පවත්වා ගැනීමට හැකිවූ නමුත්, ඊට ළඟාවීමට බොහෝ කාලයක් ගතවූ බවයි මොරොක්කෝ බලධාරීන් පවසන්නේ.

    Latest News