ගින්නෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට හානි

ජන 02, 2022

    දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගින්නකින් අලාභහානි සිදුව තිබෙනවා.

    ජනාධිපති සිරිල් රමපෝසා පෙන්වා දෙන්නේ, කේප්ටවුන්හි පිහිටි ගොඩනැගිල්ල ගිනි ගැනීමකට ලක්වීම භයානක සහ විනාශකාරී සිදුවීමක් ලෙසයි. ගින්න හටගෙන ඇත්තේ, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල ශන්ත ජෝර්ජ් ආසන දෙව් මැදුරේ ඩෙස්මන් ටුටු අගරදගුරුතුමාගේ රාජ්‍ය අවමංගල උත්සවයෙන් පැය කිහිපයකට පසුවයි. සිද්ධිය සැක උපදවන්නක් බව බලධාරින් පවසනවා.

    ඒ අනුව, පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරෙමින් පවතිනවා. ගින්න හටගැනීමත් සමග පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහළයෙන් විශාල ගිනිදැල් සමග දැඩි කළු දුමාරයක් නිකුත් වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. සිද්ධියෙන් පසු ජනාධිපති රමපෝසා එම ස්ථානය නිරීක්ෂණයට පැමිණියා. ගොඩනැගිල්ලේ ස්වයංක්‍රීය ජල විදින පද්ධතිය ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවීමෙන් ගින්න පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News