අමෙරිකා‍-රුසියා ජනාධිපතිවරුන් අතර තවත් දුරකතන සාකච්ඡාවක්

දෙසැ 31, 2021

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන මහත්වරුන් අතර තවත් දුරකතන සාකච්ඡාවක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙයි.

    ඔවුන් දුරකතනයෙන් හමු වන දෙවන අවස්ථාව මෙයයි. යුක්රේන අර්බුදය විසඳීමේ මං සොයා බැලීම සාකච්ඡාවේ ප්‍රමුඛ අරමුණයි. ඊට අමතරව දෙරට අතර පැවැත්වීමට නියමිත ආරක්ෂක සාකච්ඡා සහ යුරෝපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද නායක දෙපල අදහස් හුවමාරු කරගනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. රුසියාව යුක්රේන දේශසිීමට සිය හමුදා යවා ඇතත් යුක්රේනය ආක්‍රමණය කිරීමට උත්සාහ දරන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි. තම භුමිය තුල අවශ්‍ය පරිදි හමුදා යෙදවීමේ අයිතිය තමන් සතු බව රුසියාව පෙන්වා දෙයි.

    Latest News