ස්පාඤ්ඤ කොරෝන අවදානම ශීඝ්‍රයෙන් ඉහළට

දෙසැ 31, 2021

    ස්පාඤ්ඤ කොරෝන අවදානම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    සෑම පුරවැසියන් 100 දෙනෙකුගෙන් එක් අයකුම ආසාදනයට ගොදුරු වී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ.ක

    ස්පාඤ්ඤයේ මේ දක්වා දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම පිරිස 162,000කට අධිකයි. මීට පෙර එරට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙස වාර්තා වී තිබුණේ 101,000ක පිරිසක්. මේ වනවිට එරට තුළ රෝහල්ගත වන්නන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අද වන විට ස්පාඤ්ඤයේ රෝහල්වල සම්පූර්ණ රෝගීන්ගෙන් 95% ක් කොරෝනා ආසාදිතයන් වන අතර ඉන් 20%කට ආසන්න පිරිසක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    Latest News