තලෙයිබාන් සංවිධානය සමග මානුෂවාදී ක්‍රියාකාරකම්වලට අවසර

දෙසැ 23, 2021

    ඇෆ්ගනිස්ථානයේ - තලෙයිබාන් සංවිධානය සමග මානුෂවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් ගනුදෙනු කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවසර දී තිබේ.

    ඊට අදාළව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ රාජ්‍ය නොවන සංවිධානවලට තලෙයිබාන් සංවිධානය සමග කටයුතු කළ හැකිය. ඒ අනුව, තලෙයිබාන් සංවිධානය සහ ඊට අයත් හබානී ජාලය සමග මානුෂවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් ගනුදෙනු කිරීමට අවසර හිමිවනවා. අමෙරිකානු රජය ද, ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සමග මානුෂවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් ගනුදෙනු කිරීමට ඊයේ අවසර ලබා දී තිබුණා. අමෙරිකාව තහනම් කර ඇති සංවිධානය දෙකක් සමග මානුෂවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් ගනුදෙනු කිරීමට ද අවසර දී ඇති බවයි වාර්තා වන්නේ.

    ඇෆ්ගන් වැසියන් මේ වන විට විශාල අර්බුද රැසකට මුහුණ පා සිටී. එරට තුළ ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ දැඩි හිඟයක් මතුව තිබේ. මේ අර්බුද හට ගැණුනේ තලෙයිබාන් සංවිධානය ඉකුත් අගෝස්තු මස ඇෆ්ගනිස්ථානයේ පාලනය අල්ලා ගැනීමෙන් අනතුරුවයි. බටහිර රටවල් තලෙයිබාන් සංවිධානයේ විදේශ වත්කම් තහනම් කිරීමත් සමග අර්බුද වඩාත් අග්‍ර වුණා. මේ වන විට ඇෆ්ගනිස්ථානයේ දෙකෝටි තිස්ලක්ෂයක පමණ පිරිසකට ආහාර අර්බුදයක් පවතින බවයි, ලෝක ආහාර වැඩපිළිවෙල පවසන්නේ.

    Latest News