ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටේ

දෙසැ 08, 2021

    ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් සහ ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිපදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බවය.

    ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී MI 17 වර්ගයේ අදාළ හෙලිකොප්ටරය කඩා වැටී තිබේ.

    මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත් ඉන් තිදෙනෙකු බේරාගෙන රෝහල වෙත යොමුකළ බවත් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

    නමුත් එම යානයේ කිදෙනෙකු සිටියාද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් තහවුරු වී නොමැත.

    එම අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එරට හමුදා බලධාරීන්ට නියෝග කර තිබේ.

    Latest News