තලෙයිබාන් රජයෙන් කාන්තාවන්ට මාධ්‍ය තහනමක්

නොවැ 22, 2021

    තලෙයිබාන් රජය විසින් පනවා ඇති නව නීති යටතේ, ඇෆ්ගනිස්ථානය රූපවාහිනී නාට්‍ය තුළ කාන්තාවන්ට පෙනී සිටීම තහනම් කර තිබේ.

    කාන්තා මාධ්‍යවේදිනියන්ට හා ඉදිරිපත් කරන්නන්ට හිස් වැසුම් පැළදිය යුතු බවට නියෝග කර ඇතත්, එය කුමන ආකාරයේ ආවරණයක් ද යන්න පිළිබඳ පැහැදිලි කර නොමැති බව සඳහන්.

    තලෙයිබාන් සංවිධානය විසින් අගෝස්තු මාසයේ ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු ඔවුන් ක්‍රමයෙන් දැඩි සීමා පැනවීමට පියවර ගැනිණ.

    ඔවුන් මේ වන විටත් කාන්තාවන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 22 නොවැම්බර් 2021 10:52

    Latest News