තලේබාන් සංවිධානයට ගැබිණි පොලිස් නිලධාරිනියක් ඝාතනය කළ බවට චෝදනා

සැප් 06, 2021

    ඇෆ්ගනිස්ථානයේදී ගැබිණි පොලිස් නිලධාරිනියක් ඝාතනය කළ බවට තලේබාන් සංවිධානයට චෝදනා එල්ල වෙයි.

    තලේබාන් සටන්කාමීන් ගෝර් පළාතේ නගරාසන්න ප්‍රදේශයක දී වෙඩි තබා ඇය ඝාතනය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අටමස් ගැබිනියක් වන ඇය නමින් බානු නෙගර් (Banu Negar) වන බව වාර්තා වෙයි.

    ඇෆ්ගනිස්ථානයේ කාන්තා හිංසනය උත්සන්න වෙමින් පවතින බවට මෙය කදිම නිදර්ශනයක් බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති. එහෙත් තලේබාන් සංවිධානය එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

    Latest News