මාස 6කට පමණ පසු කොවිඩ් මරණවල පැහැදිලි අඩුවීමක්

ඔක් 30, 2021

    මාස 6කට ආසන්න කාලයකට පසු මෙරට අඩුම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය අංශ විසින් ඊයේ (29) තහවුරු කළේය.

    ඒ පසුගිය 28 වැනිදා කොවිඩ් ආසාදිතව 10 දෙනෙකු මියගිය බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරිමත් සමගයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ දිනයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ 10‍දෙනා අතර කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු වන බවයි.

    පසුගිය 28 වැනිදා තහවුරු කරන ලද එම කොවිඩ් මරණ අතර වයස අවුරුදු 30ත් - 59ත් අතර පුද්ගලයින් 05 දෙනෙකු සහ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් 05 දෙනෙකු ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    ඊයේ දිනයේ වාර්තා වූ එම මරණ 10 සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,706 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර, ඊයේ දිනයේ මෙරටින් නව කොවිඩ් -19 ආසාදිතයින් 556 දෙනෙකු හඳුනාගෙන ඇත.ඒ අනුව, මෙරට සමස්ත 'කොවිඩ් -19' ආසාදිතයින් සංඛ්‍යාව 539,416 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අං‍ශය පැවසුවේය.

    සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 512,165 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇත. පුද්ගලයින් 13,545 දෙනෙකු තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    Last modified on සෙනසුරාදා, 30 ඔක්තෝබර් 2021 11:26

    Latest News