දින 40කට පසු කොවිඩ් මරණ 100න් පහළට

සැප් 18, 2021

    දින 40කට පසු කොවිඩ් ආසාදිත මරණ 100කට අඩු සංඛ්‍යාවක් මෙරටින් ඊයේ වාර්තා විය. ඒ අනූව ඊයේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 84ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කර තිබේ.

    එම කොවිඩ් මරණ 84න් 51 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින් වෙයි. 

    මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 58 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

    එම නිවේදනය අනූව මියගිය පුද්ගලයින්ගෙන් 23 දෙනෙක් අවුරුදු 30 -59ක් අතර පුද්ගලයින් වෙයි.

    එම මරණ 84ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,022ක් බව ද සෞඛ්‍ය අංශ පවසයි.

     

     

    Latest News