රුසියාවේ ඊයේ කොවිඩ් මරණ 852ක්

සැප් 29, 2021

    රුසියාවේ ඊයේ කොරෝනා මරණ 852ක් සිදුව තිබේ. දිනක් තුල එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙය බව විදෙස් වාර්තාවල සඳහන්.

    මේ අතර, තුර්කි රජය ප්‍රකාශ කරන්නේ එරට පාසල් යළි වසා තැබීමට කිසිඳු අදහසක් නොමැති බවයි. වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගිය ද දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබඳ සලකා බලා පාසල් වසා දැමීමට ක්‍රියා නොකරන බව එරට බලධාරීන් පවසයි.

    රුසියාවෙන් ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21,559ක්. මේ වන විට එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හැත්තෑ හතර ලක්ෂ හැට හතර දහස් හත්සිය අටක්. වෛරස ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාමට මූලිකම හේතුව ඩෙල්ටා ප්‍රභේදයයි.

    එරට ඉතා දුර්වල එන්නත්කරණ ක්‍රියාවලියක් ද පවතින බවයි වාර්තා වන්නේ. වසංගතය අවතක්සේරු කරමින් ක්‍රියාකරන බවට එරට බලධාරීන් පවසයි.

    Last modified on බදාදා, 29 සැප්තැම්බර් 2021 09:40

    Latest News