බ්‍රසීලය, ආසාදිතයන් වැඩිම, තෙවන රට බවට පත්වේ...

ඔක් 10, 2021

    බ්‍රසීලය, ලොව තෙවනුවට වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන රට බවට පත්ව තිබෙනවා.

    ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 10,000 කට අධික පිරිසක් වාර්තා වූ අතර, මරණ සංඛ්‍යාව 387 ක්. බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව 600,000 ඉක්මවා තිබේ.

    අමෙරිකාවෙන් පසු ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. එරට රෝගීන්ගේ අඛණ්ඩ වැඩිවීමත් සමග එන්නත්කරණය වේගවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. මේ වන විට එරට ජනගහනයෙන් 70% කට වැඩි සිරිසකට පළමු මාත්‍රාව ලබාදී අවසන්.

    Last modified on ඉරිදා, 10 ඔක්තෝබර් 2021 13:35

    Latest News