තුර්කියේ ආසාදිතයින් යළි ඉහළට

සැප් 29, 2021

    තුර්කියේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම යළි සීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරයි.

    කෙසේ වුවද, මාස ගණනාවක් වසා තැබීමෙන් අනතුරුව එරට පාසල් දැන් විවෘත කර තිබේ. වෛරස ආසාදිතයන් ඉහළ යමින් පැවතිය ද යළි පාසල් වසා තැබීමට රජය අපේක්ෂා නොකරන බවයි බළධාරීන් පවසන්නේ.

    ඔන්ලයින් අධ්‍යාපනයෙන් දරුවන්ට ඇතිවන අපහසුතා මගහරවා අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම මෙම තීරණයේ අරමුණයි.

    එරට ගුරුවරුන් එන්නත්කරණයට ලක් වූ බවට සනාථ කළ හැකි ලේඛනයක් හෝ පීසීආර් පරීක්ෂණයකින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කෙරෙන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙයි.අදාළ ලේඛන පොදු ස්ථාන සහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන අවස්ථාවන්ට සම්බන්ධ වීමේ දී ද ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

    ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට හදිසි ආධාර සැපයීම අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනූව එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් මෙම පියවරයන්ට එළැඹීමටයි, බලධාරීන් තීරණය කර ඇත්තේ. ඇතැම් ප්‍රාන්තවල මේ සති අන්තයේ දී මෙම තීරණය බලාපොරොත්තු වනු ඇති.
    මේ වන විට එරට එන්නක්තරණ ක්‍රියාවලිය 70%කට ආසන්න මට්ටමක පවතින අතර වෛරස ව්‍යාප්තිය මුළුමනින්ම පාලනයට රජය තවදුරටත් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 29 සැප්තැම්බර් 2021 10:19

    Latest News