CIA ප්‍රධානියා හා තලේබාන් නායකයා අතර රහස් සාකච්ඡාවක්

අගෝ 25, 2021

    අමෙරිකාවේ CIA සංවිධානයේ ප්‍රධානී විලියම් බර්න්ස් මහතා තලේබාන් නායක මුල්ලා බරාඩා හමු වෙයි.

    අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී ඊයේ ඉතාමත් රහසිගතව එම හමුව සිදුවු බවයි. කෙසේ වෙතත් එම දෙපාර්ශ්වය තවමත් එම හමුව සනාථ කර නැත.

    මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සදහන් කරන්නේ ලබන 31 වැනිදා වනවිට සියලුම අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගන්නා බවයි.

    කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය ඇතුඵ සෙසු රටවල් පවසන්නේ හමුදා ඉවත් කර ගැනීම තවත් දින කිහිපයකට කල් දැමිය යුතු බවයි. 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසුව මේ දක්වා අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටිති.

    පවතින තත්වය හමුවේ ඇෆ්ගනිස්ථානය ව්‍යාකුලත්වයට පත්වීම වලක්වා ගැනිීමට කලාපයේ බහු ජාතික සංවිධානවලට විශාල වගකිීමක් පැවරෙන බව විචාරකයෝ මත පළ කරති.

    Latest News