ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහලට...

අගෝ 25, 2021

    ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇත.

     

    ඊයේ එරටින් 51,000 ඉක්මවූ නව ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. වාර්තාවී ඇති  මරණ සංඛ්‍යාව 737 කි.  එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද වන විට 435,000 ඉක්මවා ඇත. ඉන්දියාවෙන් මෙතෙක් හඳුනාගනු ලැබූ සමස්ත කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32,500,000 කට අධිකය. මේ අතර විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ,  එරටින් වාර්තා වන සැබෑ කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දීය රජයේ සංඛ්‍යා‍ලේඛන වලට වඩා ඉහළ අගයක පවතින බවයි.

    Latest News