අමෙරිකාවෙන් ලක්ෂයකට අධික දෛනික ආසාදිතයින්

අගෝ 24, 2021

    අමෙරිකාවෙන් ලක්ෂයට අධික දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ වාර්තා විය.

    අමෙරිකාවේ බොහෝ ආයතන මේ වන විටත් සිය සේවකයින්ට කොරෝනා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.  එන්නත්කරණය මන්දගාමී ප්‍රාන්තවල කොරෝනා ආසාදිතයින් හමුවීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ අද වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන් කෝටි 88 ලක්ෂය ඉක්මවා තිබේ. එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 6 ලක්ෂ 46,000කට අධිකයි.

    Last modified on අඟහරුවාදා, 24 අගෝස්තු 2021 11:49

    Latest News