ලොව වැඩිම දෛනික ආසාදිතයින් අද (08) අමෙරිකාවෙන්...

ජන 08, 2022

    ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (08) අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වුණා.

    ඒ, 849,181 ක්. එම කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,025 ක්. අඛණ්ඩව වර්ධනය වන දෛනික ආසාදිතයින් හේතුවෙන් අමෙරිකාවේ දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ. රෝහල් කාර්ය මණ්ඩලය අතර ද රෝගය පැතිරයාම හේතුවෙන් බොහෝ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. ඒ හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන්. අමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් 62% කට පූර්ණ එන්නත් ලබාදී ඇති අතර, බූස්ටර් එන්නත් ලබාදීම ද ක්‍රියාත්මකයි.

    Latest News