අමෙරිකාවේ රෝගීන් වාර්තාවීම යළි ඉහළට

නොවැ 16, 2021

    අමෙරිකාවේ රෝගීන් වාර්තා වීම යළිත් ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ පමණක් එරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 70,000කට අධිකයි. එරටින් එම කාලය තුළ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 467ක්. අමෙරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද වන විට මිලියන 48 ඉක්මවා ගොස් තිබේ.

    එරටින් වාර්තා වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව හත් ලක්ෂ 84,000කට අධිකයි. මේ අතර, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර යැවීම සම්බන්ධයෙන් අමෙරිකාවේ, හූස්ටන්හි වෛද්‍යවරයෙක්ගේ සේවය අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    එම වෛද්‍යවරයා ට්විටර් පණිවුඩ කිහිපයක් ඔස්සේ වැරදි මත සමාජගත කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 16 නොවැම්බර් 2021 12:48

    Latest News