ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැඩිම බලපෑම අමෙරිකාවට

දෙසැ 26, 2021

    ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එහි වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ එක්සත් රාජධානියයි.

    එරට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත මරණ ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. එක්සත් රාජධානියෙන් ඊයේ දිනයේදී හඳුනා ගැනුණු නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 122,000 කට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 137 ක්.

    අමෙරිකාවෙන් ගතවූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 40,000 කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනුණා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 108 ක්. එරටින් වාර්තා වන ආසාදිතයින්ගෙන් 73% ක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවයි, අමෙරිකානු වසංගත රෝග පාලන මධ්‍යස්ථානය පවසන්නේ.

    Latest News