තලෙයිබාන් සංවිධානයේ අලුත් ඉලක්කය

අගෝ 20, 2021

    ඇෆ්ගනිස්තානයේ පැවති රජයට සහාය දැක්වූ වැසියන් දඩයම් කිරීමේ වෑයමක තලේබාන් සටන්කාමීන් නිරතවන බව වාර්තා වෙයි. 

    මේ පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තලෙයිබාන් සංවිධානයට චෝදනා කර තිබේ.
    පැවති රජය යටතේ රජයට සහාය දුන් නේටෝ හමුදා සඳහා ආධාර උපකාර කළ ඇෆ්ගන් වැසියන් ද තලෙයිබාන් සංවිධානයේ ඉලක්ක වී ඇති බවයි, වාර්තා වන්නේ.

    භාෂා පරිවර්තකයන් ලෙස හා විදේශ සම්බන්ධතාවන්හි වැඩි දායකත්වයක් දැක්වූ රාජ්‍යය නිලධාරීන් සෙවීමේ තලේබාන් සංවිධානය නිරතව සිටියි.

    දැනටමත් සටන්කාමීන් එවැනි පුද්ගලයින්ට හා ඔවුන්ගේ පවුල්වලට තර්ජනය කරමින් හිරිහැර සිදුකරන බවටයි,එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙන්නේ.
    ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගැනීමෙන් පසු එම සංවිධානය පැවැත්වූ මාධ්‍යය හමුවල දී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ ප්‍රජාතාන්ත්‍රවාදී ලෙස රට පාලනය කරන බවටයි.

    Last modified on සිකුරාදා, 20 අගෝස්තු 2021 15:29

    Latest News