ලොව පළමු වරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

අගෝ 21, 2021

    කොරෝනා වෛරසයට එරෙහිව හදිසි භාවිතයට ලොව ප්‍රථම වරට ඩී.එන්.ඒ එන්නත් මාත්‍රාවක් ලබාදීම ඉන්දියාවේ ඖෂධ නියාමන නිලධාරීන් අනුමත කර තිබේ.

    ඉන්දියානු සමාගමක් වන කැඩීලා හේල්ත් කෙයා ආයතනයයි,සයිකොව් - ඩී නමැති මෙම එන්නත හඳුන්වා දී තිබෙන්නේ.

    නව එන්නත භාවිත කළ අයට එය ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබේ. මීට පෙර ඩී.එන්.ඒ එන්නත් සතුන් සඳහා සාර්ථකව ක්‍රියාත්මක වී ඇති අතර මිනිසුන්ට මෙය යොදාගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

    ඉන්දියාවේ වැඩිහිටි ජනගහනයෙන් 13%කට කොවිඩ් එන්නත ලබා දී තිබේ. ඉන්දියාවෙන් 302,392,000කට වැඩි ආසාදිතයින් පිරිසක් වාර්තා වෙයි.
    දෛනික ආසාදිතයින් සංඛ්‍යාව තිස් දහසක්.

    Latest News