නව ප්‍රභේදය නිසා ඉන්දියාවේ ආසාදිතයින් යළි ඉහළට

අගෝ 20, 2021

    අසල්වැසි ඉන්දියාව තුළ ද රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් නව කොරෝනා ප්‍රභේද හේතුවෙන් ඇතිව ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    රට තුළ නැවතත් කොරෝනා තුන් වැනි රැල්ලක් ඇති විය හැකි බැවින් එන්නත්කරණය වේගවත් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව සෞඛ්‍ය අංශවල අදහස වී තිබේ.

    ඉන්දියානු සෞඛ්‍ය බලධාරීන් මීට පෙර ප්‍රකාශ කර සිටියේ,2021 අවුරුද්ද අවසාන වන විට ඉන්දියානුවන් සියල්ලන්ම එන්නත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

    නමුත් සමහර ජන කොටස් එන්නත්කරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් විය හැකි බව, බලධාරීන්ගේ අදහස වී තිබේ.

    සමස්ත ඉන්දියාව තුළ මෙතෙක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන් සංඛ්‍යාව 13%ක් වන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

    Last modified on සිකුරාදා, 20 අගෝස්තු 2021 13:02

    Latest News