ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් ශ්‍රී ලංකාවෙන් (වීඩියෝ)

අගෝ 17, 2021
  • ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාළ කළේය.

    ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    රෝගය පැතිරයාම වැළැක්වීම සහ රෝගයෙන් මියයන ප්‍රමාණය අවම කිරීම සඳහා එන්නත්කරණය වේගවත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනූව, මෙරට ජනගහනයෙන් ලක්ෂ 119කට (54%) කුමන හෝ එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බවත් එම පිරිසෙන් ලක්ෂ 46කට දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

    Last modified on අඟහරුවාදා, 17 අගෝස්තු 2021 15:49

    Latest News