අඟහරුගේ පළමු පස් සාම්පලය ලබා ගැනීමට සූදානමක්

ජූලි 22, 2021

    නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ පළමු පාෂාණ සාම්පලය ලබා ගැනීමට සූදානම් වනවා.

    අඟහරු ග්‍රහයා වෙත යවා ඇති "පර්සිෆියරන්ස් රෝවර්" යානය උපයෝගී කරගනිමින් සාම්පල් ලබා ගැනීමට අපේක්ෂිතයි. නාසා ආයතනය පර්සිෆියරන්ස් රෝවරය සාර්ථක ලෙස අඟහරු ග්‍රහයා වෙත යවනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස 18 වැනිදායි. අඟහරු ග්‍රහයාගේ ජෙසෙරෝ ලෙස නම් කර ඇති ආවට ප්‍රදේශයට යානය ගොඩබස්වා තිබෙනවා. මෙතෙක් චන්ද්‍රිකා ඡායාරූප මගින් ලබාගත් දත්ත අනුව කලකට පෙර විලක් ව පැවැති ස්ථානයකින් මෙලෙස පාෂාණ සාම්පල ලබා ගන්නා බවයි වාර්ථා වන්නේ. එම සාම්පල මගින් අඟහරු ග්‍රහයා මත පැවති හෝ පවතින ජීවීන් පිළිබඳව සහ ජලය පවතීද යන්න පරික්ෂා කිරීමට නියමිතයි.

    Latest News