“ෆෙන් ඩෝ” සබ්මැරීන ව්‍යාපෘතිය සාර්ථකව අවසන්

ජූලි 20, 2021

    මිනිසුන් සහිතව ගැඹුරුම මුහුදු පතුලට ලඟා විය හැකි චීනයේ “ෆෙන් ඩෝ”නමැති සබ්මැරීන පර්යේෂණ ව්‍යාපෘතිය පසුගියදා (18) සාර්ථකව අවසන් විය. එහි පූර්ණ කාර්ය සාධන ඇගයීම සම්මතවී තිබේ.

    කාර්ය සාධන ඇගයීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායම එම ව්‍යාපෘතිය සම්මත කිරීම පමණක් නොව, “ෆෙන් ඩෝ”නමැති සබ්මැරිනය ලබා ගත් සාර්ථකභාවයන් ඉහළින් අගය කළේය.

    එම සබ්මැරිනය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ගැඹුරු මුහුදේ මීටර 10,909ක කිමිදුම් මෙහෙයුම සාර්ථකව අවසන් කර තිබේ. එය චීනයේ ගැඹුරු මුහුදේ මිනිසුන් සහිත කිමිදුම් පිළිබඳ නව වාර්තාවක් බිහි කිරීමට සමත් විය. සමුද්‍රීය අධි තාක්ෂණික ක්ෂේත්‍රය තුළ චීනය සතු සංකීර්ණ හැකියාව ඉන් පිළිබිඹු වේ.

    Last modified on අඟහරුවාදා, 20 ජූලි 2021 15:50

    Latest News