අඟහරුගේ දක්ෂිණ ධ්‍රැවයේ භූගත විල් 3ක්

සැප් 30, 2020

    අඟහරුගේ දකුණු ධ්‍රැවය අසල නව භූගත විල් තුනක් සොගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ.

    සිව්වන විලක පැවැත්ම ද 2018 දී විද්‍යාඥයින් විසින් සනාථ කර ඇත. ජීවී පැවැත්මට දියර ජලය ඉතා වැදගත් බැවින් සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් තැන්වල ජීවයේ විභවය අධ්‍යයනය කරන පර්යේෂකයන්ට මෙම සොයා ගැනීම වැදගත් වනු ඇත. නමුත් මේ විල් අතිශයින්ම ලුණු සහිත යැයි සැකකෙරෙන අතර එය ඕනෑම ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට අභියෝගයක් විය හැකි බවයි සඳහන් වන්නේ.

    මීට වසර බිලියන ගණනකට පෙර අඟහරු මතුපිට ගංගාවල ජලය ගලා ගිය බවත් විල්වල ජලය සංචිතව පැවතිය බවත් මේ වන විට විද්‍යඥයින් සොයා ගෙන ඇත. නමුත් අඟහරු ග්‍රහයාගේ වායුගෝලයේ වැඩි කොටසක් අහිමි වී ඇති අතර එයින් අදහස් වන්නේ අද දින පෘෂ්ඨය මත ජලය දියර ලෙස පැවතිය නොහැකි බවයි.

    කෙසේ වෙතත්, එය භූගත තත්වය ඊට වෙනස් විය හැකි බවයි විද්‍යාඥයින් උපකල්පනය කරන්නේ.

    ඉතාලියේ බොලොග්නා හි තාරකා භෞතික විද්‍යා ආයතනයේ සම කර්තෘ ආචාර්ය රොබර්ටෝ ඔරොසෙයි සැකකරන්නේ “අතීතයේ දී මෙම ජල මූලාශ්‍ර අතීතයේ විශාල පරිමාවන්ගෙන් තිබී ඇති බවයි. ඒඅනුව අඟහරු මත ජීවය ගැන කරුණු රැසක් අනාවරණය විය හැකියි.

    Latest News