කෝටි 19 ඉක්මවූ ගෝලීය කොවිඩ් ආසාදිතයින්

ජූලි 15, 2021

    කොරෝනා ගෝලීය සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි 19කට ආසන්න වී තිබේ.

    ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයීය දත්ත පෙන්වා දෙන්නේ, එම සංඛ්‍යාව මේ වන විට දහ අට කෝටි අනූ එක් ලක්ෂ 78,000 ඉක්මවා ඇති බවයි.

    කොරෝනා වෛරසයේ නව තර්ජන පවතින රටවල් ලෙස බ්‍රිතාන්‍ය සහ ඉන්දුනීසියාව අදාළ වාර්තාවන්හි සඳහන් කර තිබේ. ඉන්දුනීසියාවෙන් මේ වන විට දෛනිකව නව ආසාදිතයන් 50,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතියි. බ්‍රිතාන්‍යයේ එම ගණන 40,000කට අධිකයි.

    අමෙරිකාව,ඉන්දියාව,බ්‍රසීලය යන රටවලින් තවමත් ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන අතර එම රටවල් අතරට බ්‍රිතාන්‍යය හා ඉන්දුනීසියාව ද නව තර්ජනයක් සහිත රටවල් ලෙස ලැයිස්තුගත කර තිබේ. ගෝලීය වශයෙන් පන් ලක්ෂය ඉක්මවූ ආසාදිතයන් පිරිසක් දෛනිකව කොරෝනා රෝගීන් අතරට එක්වෙමින් සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 ජූලි 2021 11:38

    Latest News