කොවිඩ් සුව වුවත් දීර්ඝ කාලීන රෝග ලක්ෂණ

ජූනි 24, 2021

    කොරෝනා වෛරසය වැළ දී සුවවීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ පවතින බව එංගලන්තයේ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මීට ලක්ෂ 20ක පමණ පිරිසක් මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

    ලොන්ග් කොවිඩ් යනුවෙන් හැඳින්වෙන මෙය ඇතැම් අයට මාස 3ක් පමණ බලපා ඇති බවයි හෙළි වී ඇත්තේ. මෙය ඉතා බරපතල අභියෝගයක් බවයි, පර්යේෂකයින් පවසන්නේ. අධික තෙහෙට්ටුව,කැස්ස,හිසරදය,පපුවේ වේදනාව,මස්පිඩු වේදනාව එම රෝග ලක්ෂණ වෙයි.

    ඉන්දියාවට ඉදිරියේ දී කොරෝනා වෛරසයේ තුන්වන රැල්ලකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අගවයි. එය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් ඉදිරි මාස කිහිපය තුළ එරටට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

    ඉන්දියාවේ දැනට පැතිරයන කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සහ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය හේතුවෙන් එහි අවදානම තවත් ඉහළ ගොස් තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජූනි 2021 11:50

    Latest News