එලිසබත් යුද නැවේ රැසකට කොවිඩ්

ජූලි 15, 2021

    ලොව බලගතු යුද නෞකාවක් ලෙස සැලකෙන බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවට අයත් 'ක්වින් එලිසබත් නෞකාවේ' නාවිකයන් විශාල පිරිසකට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි,වාර්තා වෙයි.

    යුද ගුවන් යානා ගෙන යා හැකි එම නෞකාවේ සේවයේ නියුතු නාවිකයන්ගෙන් සියයකට වැඩි පිරිසකට මේ වන විට 'කොවිඩ්-19' ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    මෙම යුද නෞකාව ඇතුළු තවත් යුද නැව් කිහිපයකම නාවිකයන්ට 'කොවිඩ්-19' ආසාදනය වී ඇති බවට හඳුනා ගැනිණ.

    'ක්වින් එලිසබත් නෞකාව' ඉදිරි දින කිහිපය තුළ රටවල් කිහිපයක් වෙත සංචාරය කිරීමට නියමිතව තිබූ බවයි,වාර්තා වන්නේ.

    සියලු නාවිකයන් හට පළමු හා දෙවන එන්නත් මාත්‍රාවන් මේ වන විට සම්පූර්ණ කර ඇති බව ආරක්ෂක ලේකම් බෙන් වොලස් ප්‍රකාශ කර තිබේ.

    රෝගය පාලනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බැවින් ඉදිරි සංචාර සඳහා සහභාගී වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 ජූලි 2021 11:10

    Latest News