ද.අප්‍රිකාවේ දස නිවුන් දරු උපත බොරුවක්

ජූනි 24, 2021

    ලොව පුරා පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක් වූ දකුණු අප්‍රිකාවේ දස නිවුන් දරු උපත අසත්‍යයක් බව නිල වශයෙන් තහවුරු වී තිබේ. ඇය පසුගිය වසර කිහිපය තුළ ගැබ් ගැනීමකටවත් ලක් නොවී ඇති බවයි වාර්තා වන්නේ.

    ගොසියාමේ සිතෝල් නමැති 37 හැවිරිදි මෙම කාන්තාව සම්බන්ධයෙන් ප්‍රචාරය වූ එම පුවත පිළිබඳ දකුණු අප්‍රිකානු බලධාරීන් සොයා බැලීමේ දී හෙළි වී ඇත්තේ එය සම්පූර්ණ අසත්‍යයක් බවයි.

    ඇය මේ වන විට මානසික සෞඛ්‍ය සම්බන්ධ පරීක්ෂණවලට යොමු කර තිබේ. ඇය සම්බන්ධ මෙම අසත්‍ය පුවත් ප්‍රචාරය කෙරුණු ඇතැම් මාධ්‍යවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවයි බලධාරීන් පවසන්නේ.

    මෙම පුවත මුලින්ම පළ කර ඇත්තේ ප්‍රිටෝරියා නිවුස් නමැති මාධ්‍ය ආයතනයයි. ඒ ඇයගේ ස්වාමියාගේ දැනුම් දීමකට අනූවයි.

    එම ප්‍රදේශයේ නගරාධිපතිවරයා ද එය තහවුරු කිරීමෙන් අනතුරුව ලොව පුරා අවධානය ඊට යොමු විය. විදෙස් මාධ්‍ය පවසන්නේ ආධාර ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් මෙම වංචාව සිදුකර ඇති බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජූනි 2021 12:29

    Latest News