දිල්ලි හා මුම්බායි අඩක් විවෘත කිරීමට තීරණයක්

ජූනි 08, 2021

    ඉන්දියාව එරට අගනුවර වන නව දිල්ලිය සහ මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන මුම්බායි නගරය අර්ධ වශයෙන් විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ එරට කොවිඩ් ආසාදිත මරණ දිනෙන් දින පහළ යාම සළකා බැලීමෙන් අනතරුවයි.

    රෝහල් පහසුකම් හා ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට සපයා ගැනීමට නොහැකිවීම හා වසංගතය පාලනයේ දුර්වලතා හේතුවෙන් කොරෝනා දෙවැනි රැල්ල ඉන්දියාවේ ආර්ථික සමාජීය ගැටලු රැසක් ඇති කර තිබේ. පසුගාමී එන්නත්කරණය සම්බන්ධයෙන් ද එරට සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා එල්ල වී ඇත.

    ගතවූ පැය 24 තුල දී එරටින් වාර්තා වූයේ ලක්ෂයකටත් වඩා අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් පමණයි.

    දෛනික මරණ සංඛ්‍යාව ද 3,000ටක වඩා අඩු අගයක් ගෙන තිබේ. නගර කිහිපයක් අර්ධ වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව පනවා ඇති සංචරණ සීමා ක්‍රමයෙන් ලිහිල් කරන බවයි ඉන්දීය රජය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 13:07

    Latest News