විශේෂ ගුවන් යානයකින් මුම්බායි සිට නාවිකයින් 86ක් දිවයිනට

ජූනි 07, 2020

    නෞකාවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සඳහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යානයකින් නාවිකයින් 86 දෙනෙක් ඊයේ (06) රාත්‍රී දිවයිනට පැමිණ තිබේ.

    ඉන්දියාවේ මුම්බායිහි සිට පැමිණි ස්පයිස්ජෙට් ගුවන් සේවයට අයත් යානයකින් මොවුන් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය.

    අනතුරුව ඔවුන් පී.සි.ආර්.පරික්ෂණයට භාජන කර නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 10:55

    Latest News