චිලී රාජ්‍යයේ මරණ 30,000 ඉක්මවයි

ජූනි 08, 2021

    කොරෝනා වෛරසයෙන් චිලී රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව අද වනවිට 30,000 ඉක්මවා තිබේ.

    පසුගිය සතිය තුළ මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ ලතින් අමෙරිකානු රටවල් අට (08) අතරට ද චිලී රාජ්‍යය ද අයත්වේ. බ්‍රසීලය, ආර්ජන්ටිනාව, කොලොම්බියාව වැනි ලතින් අමෙරිකානු රටවල ද ඉහළ කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තාවේ.

    මේ වනවිට චිලී රාජ්‍යය තුළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14 ලක්‍ෂ 34,000 ඉක්මවයි. එරට ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ ආසාදිතයන් අතරට තරුණ-තරුනියන් ද වැඩි වශයෙන් අයත්වීමයි.

    මේ හේතුව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය හා ගෝලීය නායකයන් එක්ව ක්‍රියාත්මක කරන එන්නත් නොමිලේ ලබාදීමේ රටවල් ලැයිස්තුවට චිලී රාජ්‍යය ඇතුලත් කෙරිණ. චිලී රාජ්‍යය තුල කඩිනමින් එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 19:08

    Latest News