දිල්ලි නුවර වායු දූෂණය තවදුරටත් ඉහළට

ඔක් 24, 2019
    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් ඇත.
    මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව  දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. නවදිල්ලි අගනුවර පවතින වායුව, සෞඛ්‍යයට ඉතා අහිතකර තත්ත්වයකට පත්ව ඇති බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ. මේ හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල වී ඇත. වාතයේ පවතින දූෂිතභාවය හේතුවෙන් ශ්වසනාබාධ සහ චර්ම රෝග ආදියෙන් ද ජනතාව පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
    වසරේ මේ කාලය තුළ දීපවාලී වැනි උත්සව සමරමින් ජනතාව ගිනිකෙළි භාවිතා කිරීම හේතුවෙන් ඉන් නිකුත්වන දුම ද වායු දූෂණය ඉහළ නැංවීමට හේතු වී තිබේ. 
    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 15:33

    Latest News