බුර්කිනා ප්‍රාන්තයට ත්‍රස්ත ප්‍රහාරයක්; ගම්වැසියන් 132ක් මරුට

ජූනි 06, 2021

    මධ්‍යම අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාර්සෝ ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ගම්වාසීන් 132ක් මියගොස් තිබේ.

    ඊයේ රාත්‍රී එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් උතුරු දිග ප්‍රදේශයේ කුඩා ජනාවාසයක සිටි සියලුම දෙනා ඝාතනය කර ඇති බව වාර්තාවේ. සටන්කාමීන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කිරීමට උත්සාහ දරා ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. ගම්මානයේ සියලුම නිවාස හා ගොඩනැගිලි විනාශ කර තිබේ. ඉකුත් සතියේ සිකුරාදා දින රාත්‍රී වෙනත් ගම්මානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 14ක් ජිවිතක්‍ෂයට පත්වූහ.

    මේ අතර නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ තවත් ප්‍රහාරයකින් 30ක් මියගියේය. ඊයේ රාත්‍රී සිදුවූ ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශවයක් විසින් මෙතෙක් බාරගෙන නොමැත. බුර්නිකා ෆාර්සෝ ඇතුළු මධ්‍යම අප්‍රිකානු කලාපයේ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ප්‍රකාශ කර සිටින්නේ, ඊයේ රාත්‍රී සිදුවූ ප්‍රහාරය තරයේ හෙළා දකින බවයි.

    Last modified on ඉරිදා, 06 ජූනි 2021 12:27

    Latest News