ඉන්දියාවේ ගෙවුණු පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් එක් ලක්‍ෂ 14,537ක්

ජූනි 06, 2021

    ඉන්දියාවේ ගෙවුණු පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් එක් ලක්‍ෂ 14,537ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 2683ක්.

    එරට සමස්ත රෝගී සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තාවේ. කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කළත්, තමිල්නාඩු ප්‍රාන්තයේ රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

    ඉන්දියාවේ වැඩිම කොරෝනා ව්‍යාප්ති වේගයක් පවතින ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ තමිල්නාඩුවයි. ගත වූ පැය 24 තුළ එම ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 21 දහස ඉක්මවා තිබේ. දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, දකුණු දිග ප්‍රාන්තයක් වන කර්නායක ප්‍රාන්තයයි. එම සංඛ්‍යාව දහසය දහසකට අධිකයි.

    අනෙක් දකුණු දිග ප්‍රාන්තයක් වන කේරළයේ ද ආසාදිතයන් සංඛ්‍යාව 16,000 ඉක්මවන බව වාර්තාවේ. තමිල්නාඩුවේ සංචරණ සීමා දීර්ඝ කර ඇති අතර මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ රජයේ විභාග ද අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

    Latest News