24කට මරු කැදවමින් බුර්කිනා පල්ලියකට වෙඩි ප්‍රහාරයක්

පෙබ 18, 2020

    බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ කිතුණු දේවස්ථානයක දී තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙම ප්‍රහාරය දේවමෙහෙයක් අතරතුර සිදුවී ඇති බවයි, වාර්තා වන්නේ. මියගිය පිරිස අතර එක් පූජකවරයෙකු ද සිටියි. සිද්ධියෙන් තවත් 15 දෙනෙකු තුවාල ලැබීය. ප්‍රහාරය අතරතුර තවත් පිරිසක් පැහැරගෙන යාමට ද ලක්ව ඇති බව වාර්තා වෙයි. අල්කයිඩා හා ඉස්ලාමීය රාජ්‍ය සමග සම්බන්ධතා ඇති ජිහාඩ් කණ්ඩායම් ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි, සැකපළ කරයි. ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු තවමත් වගකීම බාරගෙන නොමැත.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 09:41

    Latest News