ගත වූ පැය 24 තුළ සිදුව ඇති ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 10,237ක්

ජූනි 05, 2021

    ගත වූ පැය 24 තුළ සිදුව ඇති ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 10,237ක්.

    වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්. එම ගණන 3382ක්. ඉන්දියාවේ කොරෝනා මරණ වැඩිවීමට සෞඛ්‍ය අංශ දුර්වලවීම ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මේ අතර කොරෝනා මර්දන වැඩපිළිවෙළට ප්‍රාන්ත රාජ්‍යවල සෞඛ්‍ය අංශ සහය නොදීමට විරෝධය පළ කරමින් ඉන්දියාවේ කණිෂ්ඨ වෛද්‍යවරුන් 3000 ක් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.

    එම වෛද්‍යවරුන් පවසන්නේ, වෛරසයට තමන් ගොදුරු වුවහොත් තම පවුල්වල සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමේ ගැටලු පවතින බවයි. තමන් නැවත රාජකාරි සඳහා වාර්තා කිරීමට නම් තම ඉල්ලීම් ලබාදිය යුතු බව එම වෛද්‍යවරුන් පවසයි.

    Latest News